Back to About Us
She Rises
2026-03-04
SHE RISES වේදිකා ගතවෙයි !
මාර්තු මාසයේ පළමුවැනි ඉරුදින කොළඹ මියුසියස් විද්යාලීය ශ්රවණාගාරයේ දී , නාලක සජීගේ සංගීත අධ්යක්ෂණයෙන් රසාලිප්ත කෙරුන She Rises සංගීත ප්රසංගය ඉතා සාර්ථක අන්දමින් පැවැත්වින.
ප්රවීණ ශායන ශිල්පිනියන් වන නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි , සශිකා නිසංසලා , උමාරියා සිංහවංශ සහ කාන්චනා අනුරාධිගේ අතිශය ජනප්රිය ගීත එකතුවකින් මෙම ප්රසංගය වර්ණ ගැන්වින.
She Rises ප්රසංගයේ සහ එම සංකල්පයේ නිර්මාතෘ මෙන්ම , මහජන බැංකු සේවක සමූපකාර සමිතියේ සභාපති ජානක දිසානායක ප්රසංගයේ පූරක ලෙස කටයුතු කල අතර මහජන බැංකුවේ නිර්මාණි ජයරත් ගේ හඬින් නිවේදන කටයුතු සිදු විය.
මෙම ප්රසංගය සඳහා ගායන ශිල්පීන් ලෙස අමිල අතුකෝරල සහ යසස් සමරවීර යන දෙපළ එක් වූ අතර ප්රසංගය ආරම්භ කෙරුනේ ඔවුන් දෙදෙනා විසින් එක්ව ගායනා කල සාමාන්යයෙන් ගෘහස්ථ සංගීත ප්රසංගයක ඇසෙන්නට නොලැබෙන ශිව තාණ්ඩව ස්ත්රෝත්රය ගායනයෙන් අනතුරුවය.
එමෙන්ම සාමාන්යය සංගීත ප්රසංගයක ඇසෙන්නට නොලැබෙන ගීත කිහිපයක් පළමුවරට එම ගීතයවල මුල් හිමිකරුවන්ගේ ලයාන්විත හඬින් ගායනා කිරීමද මෙහිදි සිදු වූ විශේෂ සිදුවිමක් විය.
සුදු ඇත් පොව්වෙක් - නිරෝෂා විරාජිනි
වැඩ ඇරී වැඩට යති - සශිකා නිසංසලා
කාලි - කාංචනා අනුරාධි
සඳ කිඳුරු බවේ සිට - උමාරියා සිංහවංශ
යන ගීත ඒ අතරින් ප්රධාන විය.
මෙම ප්රසංගයේ ප්රධාන සංවිධාන කටයුතු මහජන බැංකු සේවක සමූපකාර සමිතිය විසින් සිදු කල අතර ,
ඔන්ලයින් ටිකට්පත් වෙන් කිරීම oneticket.lk වෙතින් හා ආරාධිතයින් වෙනුවෙන් peoplescoop වෙබ් අඩවිය හරහාද සිදු කෙරින.
Peoplescoop ඔන්ලයින් ටිකට්පත් වෙන් කිරීමේ නවතම පද්ධතිය අත් හදා බැලීමද මීට සමගාමීව සිදුවිය.
ඒ සඳහා තාක්ෂණික කටයුතු පුලස්ති කොස්වත්ත අතින් සිදු කෙරුනි.එමෙන්ම ප්රසංගයේ වේදිකා ඩ්ජිටල් පසුබිම අලංකාර කෙරුනේ ලසන්ත තලපිටිගොඩ විසිනි.
මේ දායකත්වය දැක්වූ සියලුම දෙනා වෘත්තියෙන් බැංකු සේවකයන් වීම විශේෂත්වයකි.
මෙම ප්රසංගය සාර්ථක කරගැනීම සඳහා අනුග්රාහක දායකත්වයන් සැපයු ආයතනයන්ට හා විශේෂයෙන්ම මහජන බැංකු ආයතනික හා විධායක කළමානාකාරීත්වයටත් , සමූපකාර දෙපාර්තමේන්තුවේ සමූපකාර කොමසාරිස්තුමිය ඇතුළු කාර්ය මණ්ඩළයටත්,
සේවක සමූපකාර සමිතියේ වැඩබලන සාමාන්යාධිකාරී ග්රෙගරි මෙන්ඩිස් මහතා ඇතුළු කාර්ය මණ්ඩළයටත් , විදුලි ආලෝකකරණ , කැමරා පටිගතකිරීම්, ශබ්ද පරිපාලන කටයුතු කල අයටත් විශේෂයෙන් සම්බන්ධීකරණය හා උපදෙස් සැපයූ නාලක සජී මහතාටත් නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාටත් අපගේ ස්තූතිය පළ කරමු !
මාර්තු 08 වන දින සිට මෙම නැවුම් අත්දැකීමේ පටිගත කල පූර්ණ ප්රසංගය ඔබට people's coop WEB අඩවිය හරහා ඩොලර් 2 ක මුදලක් ගෙවීමෙන් අනතුරුව නැරඹීමේ අවස්ථාව ද හිමි කර දීමට අපගේ තාක්ෂණික අංශය කටයුතු කරමින් සිටී.
යලිත් මෙවැනිම රසාලිප්ත සුන්දර වැඩසටහනකින් නැවත හමුවෙමු !
සහභාගී වූ හා සහයෝගය ලබා දුන් සැමට , නැවත නැවතත් ස්තූතිය පිරිනමමු !!!
She Rises | 2026.03.04
#liveinconcert2026 #nalakasajee #KanchanaAnuradhi #ShashikaNisansala #ColomboEvents #eveningevent #slfemaleartists #slconcert #shesrises #LiveMusicSL #NiroshaVirajini #viralvideochallenge #trendingpostchallenge
Event Photos Gallery (5)