People's Bank Employees' Co-operative Society — Dedicated to uplifting member welfare with transparency, trust, and secure service since 1962.
People's Bank Employees' Cooperative Society Ltd. has been serving our members with dedication since 1962, providing quality financial services and products.
"To be a model cooperative enterprise that maximizes member well-being through equitable, technologically driven, and transparent financial and retail operations."
"සාධාරණ, තාක්ෂණික සහ විනිවිදභාවයෙන් යුතු මූල්ය හා වෙළඳ සේවාවන් ඔස්සේ සාමාජික සුබසාධනය උපරිමයෙන් සුරක්ෂිත කරන ආදර්ශමත් සමූපකාර ව්යාපාරය බවට පත්වීම."
"சமமான, தொழில்நுட்பம் சார்ந்த மற்றும் வெளிப்படையான நிதி மற்றும் வர்த்தக செயல்பாடுகள் மூலம் உறுப்பினர் நலனை உச்ச அளவில் பாதுகாக்கும் ஒரு முன்மாதிரி கூட்டுறவு நிறுவனமாக மாறுதல்."
"To generate sustainable, fair profits through member-centric retail operations to finance concessionary credit facilities and attractive deposit returns; while deploying modern technology and systematic governance to provide corruption-free, accountable, and high-efficiency services."
"සාමාජික කේන්ද්රීය වෙළඳ මෙහෙයුම් තුළින් සාධාරණ ලාභයක් අත්පත් කරගනිමින් සහනශීලී ණය පහසුකම් හා ආකර්ෂණීය තැන්පතු ප්රතිලාභ පිරිනැමීම; නවීන තාක්ෂණය හා විධිමත් පද්ධති භාවිතයෙන් වංචා දූෂණයෙන් තොර, කාර්යක්ෂම සහ වගකීම් සහගත සේවාවක් සාමාජික ප්රජාව වෙත අඛණ්ඩව සැලසීම."
"சலுகைக் கடன் வசதிகள் மற்றும் கவர்ச்சிகரமான வைப்பு ஈவுத்தொகை ஆகியவற்றுக்கு நிதியளிப்பதற்காக உறுப்பினர் மைய வர்த்தக செயல்பாடுகள் மூலம் நிலையான, நியாயமான லாபத்தை உருவாக்குதல்; அதே வேளையில், ஊழலற்ற, பொறுப்பான மற்றும் அதிக திறன் கொண்ட சேவைகளை உறுப்பினர் சமூகத்திற்கு தொடர்ந்து வழங்க நவீன தொழில்நுட்பம் மற்றும் முறையான அமைப்புகளைப் பயன்படுத்துதல்."
Meet our dedicated leadership team guiding the cooperative forward.
Click on any event to view full details and photo gallery.
SHE RISES වේදිකා ගතවෙයි !
මාර්තු මාසයේ පළමුවැනි ඉරුදින කොළඹ මියුසියස් විද්යාලීය ශ්රවණාගාරයේ දී , නාලක සජීගේ සංගීත අධ්යක්ෂණයෙන් රසාලිප්ත කෙරුන She Rises සංගීත ප්රසංගය ඉතා සාර්ථක අන්දමින් පැවැත්වින.
ප්රවීණ ශායන ශිල්පිනියන් වන නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි , සශිකා නිසංසලා , උමාරියා සිංහවංශ සහ කාන්චනා අනුරාධිගේ අතිශය ජනප්රිය ගීත එකතුවකින් මෙම ප්රසංගය වර්ණ ගැන්වින.
She Rises ප්රසංගයේ සහ එම සංකල්පයේ නිර්මාතෘ මෙන්ම , මහජන බැංකු සේවක සමූපකාර සමිතියේ සභාපති ජානක දිසානායක ප්රසංගයේ පූරක ලෙස කටයුතු කල අතර මහජන බැංකුවේ නිර්මාණි ජයරත් ගේ හඬින් නිවේදන කටයුතු සිදු විය.
මෙම ප්රසංගය සඳහා ගායන ශිල්පීන් ලෙස අමිල අතුකෝරල සහ යසස් සමරවීර යන දෙපළ එක් වූ අතර ප්රසංගය ආරම්භ කෙරුනේ ඔවුන් දෙදෙනා විසින් එක්ව ගායනා කල සාමාන්යයෙන් ගෘහස්ථ සංගීත ප්රසංගයක ඇසෙන්නට නොලැබෙන ශිව තාණ්ඩව ස්ත්රෝත්රය ගායනයෙන් අනතුරුවය.
එමෙන්ම සාමාන්යය සංගීත ප්රසංගයක ඇසෙන්නට නොලැබෙන ගීත කිහිපයක් පළමුවරට එම ගීතයවල මුල් හිමිකරුවන්ගේ ලයාන්විත හඬින් ගායනා කිරීමද මෙහිදි සිදු වූ විශේෂ සිදුවිමක් විය.
සුදු ඇත් පොව්වෙක් - නිරෝෂා විරාජිනි
වැඩ ඇරී වැඩට යති - සශිකා නිසංසලා
කාලි - කාංචනා අනුරාධි
සඳ කිඳුරු බවේ සිට - උමාරියා සිංහවංශ
යන ගීත ඒ අතරින් ප්රධාන විය.
මෙම ප්රසංගයේ ප්රධාන සංවිධාන කටයුතු මහජන බැංකු සේවක සමූපකාර සමිතිය විසින් සිදු කල අතර ,
ඔන්ලයින් ටිකට්පත් වෙන් කිරීම oneticket.lk වෙතින් හා ආරාධිතයින් වෙනුවෙන් peoplescoop වෙබ් අඩවිය හරහාද සිදු කෙරින.
Peoplescoop ඔන්ලයින් ටිකට්පත් වෙන් කිරීමේ නවතම පද්ධතිය අත් හදා බැලීමද මීට සමගාමීව සිදුවිය.
ඒ සඳහා තාක්ෂණික කටයුතු පුලස්ති කොස්වත්ත අතින් සිදු කෙරුනි.එමෙන්ම ප්රසංගයේ වේදිකා ඩ්ජිටල් පසුබිම අලංකාර කෙරුනේ ලසන්ත තලපිටිගොඩ විසිනි.
මේ දායකත්වය දැක්වූ සියලුම දෙනා වෘත්තියෙන් බැංකු සේවකයන් වීම විශේෂත්වයකි.
මෙම ප්රසංගය සාර්ථක කරගැනීම සඳහා අනුග්රාහක දායකත්වයන් සැපයු ආයතනයන්ට හා විශේෂයෙන්ම මහජන බැංකු ආයතනික හා විධායක කළමානාකාරීත්වයටත් , සමූපකාර දෙපාර්තමේන්තුවේ සමූපකාර කොමසාරිස්තුමිය ඇතුළු කාර්ය මණ්ඩළයටත්,
සේවක සමූපකාර සමිතියේ වැඩබලන සාමාන්යාධිකාරී ග්රෙගරි මෙන්ඩිස් මහතා ඇතුළු කාර්ය මණ්ඩළයටත් , විදුලි ආලෝකකරණ , කැමරා පටිගතකිරීම්, ශබ්ද පරිපාලන කටයුතු කල අයටත් විශේෂයෙන් සම්බන්ධීකරණය හා උපදෙස් සැපයූ නාලක සජී මහතාටත් නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාටත් අපගේ ස්තූතිය පළ කරමු !
මාර්තු 08 වන දින සිට මෙම නැවුම් අත්දැකීමේ පටිගත කල පූර්ණ ප්රසංගය ඔබට people's coop WEB අඩවිය හරහා ඩොලර් 2 ක මුදලක් ගෙවීමෙන් අනතුරුව නැරඹීමේ අවස්ථාව ද හිමි කර දීමට අපගේ තාක්ෂණික අංශය කටයුතු කරමින් සිටී.
යලිත් මෙවැනිම රසාලිප්ත සුන්දර වැඩසටහනකින් නැවත හමුවෙමු !
සහභාගී වූ හා සහයෝගය ලබා දුන් සැමට , නැවත නැවතත් ස්තූතිය පිරිනමමු !!!
She Rises | 2026.03.04
#liveinconcert2026 #nalakasajee #KanchanaAnuradhi #ShashikaNisansala #ColomboEvents #eveningevent #slfemaleartists #slconcert #shesrises #LiveMusicSL #NiroshaVirajini #viralvideochallenge #trendingpostchallenge
An awards ceremony to recognize the children of People’s Bank Co-operative Society members who achieved outstanding results in the Grade 5 Scholarship, G.C.E. O/L, and A/L examinations for the years 2021 and 2022 was held on December 22nd at the Grand Oriental Hotel premises.
The Chief Executive Officer/General Manager of People’s Bank graced the event as the chief guest. The ceremony was also attended by members of the corporate and executive management of People’s Bank, retired Deputy General Manager Ms. Nipunika Wijerathne, and officials from the Department of Co-operative Development.
While 110 children of members had qualified for recognition, 73 who attended the event were fortunate to receive valuable gifts from the guests of honor. Keynote addresses were delivered by the Chief Executive Officer of People’s Bank and the Deputy General Manager (Human Resources) of People’s Bank.
The event was brought to life with musical performances by Amila Athukorala from the People's Bank Supplies Department and Yasas Samaraweera from the Centralized Back Office, alongside several vibrant dance items. The program was hosted by Dushan de Silva of the People’s Bank Narammala branch.
============================
2021 හා 2022 වර්ෂයන් වෙනුවෙන් පැවති 5 වසර ශිෂ්යත්වය/සාමාන්ය පෙළ/උසස් පෙළ විභාගයන්ගෙන් උසස් ප්රථිපල ලබාගත් මහජන බැංකු සමූපකාර සමිති සාමාජිකත්වයේ දූ දරුවන් ඇගයීමේ උළෙලක් පසුගිය දෙසැම්බර් 22 වන දින ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් පරිශ්රයේදී පැවැත්විණි.
මහජන බැංකුවේ ප්රධාන විධායක නිළධාරී/සාමාන්යාධිකාරී තුමා ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමණාකාරීත්වයේ බොහෝ පිරිසක්ද විශ්රාමික නියෝජ්ය සාමාන්යාධිකාරිණී නිපුනිකා විජේරත්න මහත්මියද සමූපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ආරාධිතයින් ලෙස එක්ව සිටියෝය.
සාමාජික දූ දරුවන් 110 ක් මේ සඳහා සුදුසුකම් ලබා සිටි අතර එදින සහභාගී වූ 73 දෙනකු ආරාධිත අමුත්තන් අතින් වටිනා ත්යාග ලබා ගැනීමට භාග්ය ලැබුවෝය.
මගජන බැංකු ප්රධාන විධායක නිලධාරී තුමන් හා මහජන බැංකු මානව සම්පත් නියෝජ්ය සාමාන්යාධිකාරීතුමන් විසින් මෙහි ප්රධාන ආරාධිත දේශන පවත්වන්නට යෙදිණි.
මහජන බැංකු සැපයීම් දෙපාර්තමේන්තුවේ අමිල අතුකෝරළ හා මධ්යගත පසුපෙළ කාර්යාලයේ යසස් සමරවීරගේ ගායනයන්ගෙන් මෙන්ම නර්තන ශිල්පීන්ගේ නර්තනාංග කිහිපයකින්ද මෙම අවස්ථාව ආලෝකමත් විය. මහජන බැංකුව නාරම්මල ශාඛාවේ දුෂාන් ද සිල්වා විසින් මෙම වැඩසටහන නෙහෙයවීම සිදු කරන ලදී.
============================
2021 மற்றும் 2022 ஆம் ஆண்டுகளில் நடைபெற்ற தரம் 5 புலமைப்பரிசில், கல்விப் பொதுத் தராதர சாதாரண தரம் (O/L) மற்றும் உயர் தரம் (A/L) ஆகிய பரீட்சைகளில் சிறந்த பெறுபேறுகளைப் பெற்ற மக்கள் வங்கி கூட்டுறவுச் சங்க உறுப்பினர்களின் பிள்ளைகளைப் பாராட்டும் விழா, கடந்த டிசம்பர் 22 ஆம் திகதி கிராண்ட் ஓரியண்டல் ஹோட்டல் (Grand Oriental Hotel) வளாகத்தில் நடைபெற்றது.
இந்நிகழ்வில் மக்கள் வங்கியின் தலைமை நிர்வாக அதிகாரி/பொது மேலாளர் முதன்மை விருந்தினராகக் கலந்துகொண்டார். அத்துடன் மக்கள் வங்கியின் கார்ப்பரேட் மற்றும் நிர்வாக நிர்வாகப் பிரதிநிதிகள், ஓய்வுபெற்ற பிரதிப் பொது மேலாளர் திருமதி நிபுனிகா விஜேரத்ன மற்றும் கூட்டுறவுத் திணைக்கள அதிகாரிகள் பலரும் இதில் சிறப்பு விருந்தினர்களாகக் கலந்துகொண்டனர்.
இதற்காக உறுப்பினர்களின் பிள்ளைகள் 110 பேர் தகுதி பெற்றிருந்ததோடு, இந்நிகழ்வில் கலந்துகொண்ட 73 பிள்ளைகள் அழைக்கப்பட்ட விருந்தினர்களின் கரங்களால் பெறுமதியான தியாகங்களைப் (பரிசில்களைப்) பெற்றுக்கொண்டனர். மக்கள் வங்கியின் தலைமை நிர்வாக அதிகாரி மற்றும் மக்கள் வங்கியின் மனிதவளப் பிரதிப் பொது மேலாளர் ஆகியோர் இங்கு முதன்மை உரைகளை ஆற்றினர்.
மக்கள் வங்கியின் விநியோகப் பிரிவைச் சேர்ந்த அமில அத்துகோரள மற்றும் மத்திய பின்னணி அலுவலகத்தைச் சேர்ந்த யசஸ் சமரவீர ஆகியோரின் பாடல்களுடனும், நடனக் கலைஞர்களின் கலைநிகழ்ச்சிகளுடனும் இந்நிகழ்வு மிகவும் வண்ணமயமாக அமைந்திருந்தது. மக்கள் வங்கியின் நாரம்மல கிளையைச் சேர்ந்த துஷான் டி சில்வா இந்நிகழ்ச்சியைத் தொகுத்து வழங்கினார்.